Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් අලුත් තහනමක්




ප‍්‍රධාන මුස්ලිම් රටවල් අටක සිට පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුළු වීමේදී ඉලෙක්ට්‍රොනික උපකරණ සමග ඇතුලුවීම අමෙරිකාව විසින් තහනම් කරනු ලැබ තිබෙනවා.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ගුවන් තොටුපල 10 ක් ඔස්සේ ක‍්‍රියාත්මක ජාත්‍යන්තර  ගුවන් සේවා නවයකට බලපැවැත්වෙන පරිදි අදාළ තහනම නිකුත් කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම තහනමට ජංගම දුරකථන ඇතුළත්ව නැහැ. මගීන් අත ගෙන යන ගමන් බෑගයන් තුළ ලැප්ටොප්, ටැබ් වර්ගයේ පරිගණක, කැමරා, ඩී.වී.ඩී යන්ත‍්‍ර හා ඉලෙක්ට්‍රොනික ක‍්‍රීඩා යන්ත‍්‍ර රැගෙන යාම තහනම් වනු ඇති.

ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවල අවදානම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි අමෙරිකාව සඳහන් කළේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනූව තහනම් කර ඇති ගුවන් සේවා අතරට තුර්කි ගුවන් සේවය, කටාර් ගුවන් සේවය, කුවේට් ගුවන් සේවය, සහ එමරේට්ස් ගුවන් සේවය ද ඇතුළත්. තහනම් කර ඇති ගුවන් සේවා සහ ඒවා ක‍්‍රියාත්මක ගුවන් තොටුපල පිළිබඳ සවිස්තර වාර්තාවක් පහතින් දැක්වෙයි.