Friday, April 26, 2024

General line - 0115112241

රට ජාතිය ආගම බේරා ගන්න මුතුන් මිත්තන් ගත් උත්සාහය ගැන හිටපු ආරක්ෂක ලේකම් කතා කරයි!



රට ජාතිය ආගම බේරා ගන්න මුතුන් මිත්තන් ගත් උත්සාහය ආලෝකෝ උදපාදී චිත්‍රපටය නැරඹීමෙන් මැනවින් වටහාගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා. ඔහු මෙම අදහස් පළකර සිටියේ ආලෝකෝ උදපාදී චිත්‍රපටය තිරගත වී දින පනහක් සැපිරීම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කියා සිටියේ මෙම චිත්‍රපටය මගින් රට ජාතිය වෙනුවෙන් එදා මුතුන් මිත්තන් ගත් වෙහෙස මැනවින් පෙනෙන බවත් මෙය සෑම දරුවෙකු විසින්ම නැරඹිය යුතු බවත්ය.

හිටපු ආරක්ෂක ලේකම් අදහස් පලකළ වීඩියෝව බලන්න පහතින්