Friday, April 26, 2024

General line - 0115112241

සරත් වීරසේකරගේ ඉල්ලීම ගැන මහින්ද අමරවීර කණගාටුවෙන්




ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර කළ ඉල්ලීම පිළිබඳ කණගාටු වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට විශේෂ නියෝජිතයෙකු පත් කරන ලෙසයි රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉල්ලා සිටියේ. ඊට අද (22) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය මහින්ද අමරවීර මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.

"ජිනීවාවල විවිධ කාමරවල විවිධ අදහස් දරන පිරිස් සාකච්ඡා කරනවා. කොහොම වුණත් අපි විශේෂ නියෝජිතයෝ කිසිකෙනෙක් ගන්නෙ නැහැ. රජය ඒ ගැන ඉතාම පැහැදිළිව ප්‍රකාශ කරලා තියෙනවා."