Friday, April 26, 2024

General line - 0115112241

ඉරාක හමුදාවට ප්‍රහාර එල්ල කරන්න පැමිණි කුඩාම මිනිස් බෝම්බය (VIDEO)




ඉරාක හමුදාව විසින් වයස අවුරුදු 07 ක මරාගෙන මැරෙන මිනිස් බෝම්බයක් ලෙස පුහුණු කළ කුඩා දරුවෙකු සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාකයේ මොසුල් නුවරදී මෙම පිරිමි දරුවා ඉරාක හමුදා සෙබලුන් විසින් සොයා ගත් බවයි.

අයි.එස් සංවිධානය විසින් ඉරාක හමුදා සිටින ප්‍රදේශය තුල ප්‍රහාරයක් සිදු කිරීමේ අරමුණින් මෙම ළමයාගේ ශරීරයේ මරාගෙන මැරෙන බෝම්බ ගබඩා කළ ඇදුම් කට්ටලයක් සවිකර එවන්නට ඇති බවයි එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරක හමුදා බලධාරීන් පවසන්නේ ඉරාකය තුළ හමුවූ වයසින් අඩුම මරාගෙන මැරෙන පුද්ගලයා මෙම වයස 07ක දරුවා බවයි.

මෙම දරුවා සොයා ගැනීමෙන් අනතුරුව ඉතා සුක්ෂම ලෙස ඔහුට අන්දවා තිබූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඉවත් කිරීමට ඉරාක හමුදා සාමාජිකයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

(වීඩියෝව පහතින් දැක්වෙයි)