Friday, April 26, 2024

General line - 0115112241

ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා




ඒ වෙනුවෙන් සංවිධාන කෙරණු ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසලින් අද (24) පෙරවරුවේ ආරම්භ වුණා. 

‘‘එක්වෙමු - ක්ෂය රෝගය දුරලමු’’යන්න මෙවර එහි තේමාවයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන්. 

2014 වසරට සාපේක්ෂව 2020 වසර වනවිට ශ‍්‍රී ලංකාවේ ක්ෂය රෝග ප‍්‍රවණතාව සියයට දහයකින් අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් සකස්කර තිබෙනවා. 

කෙසේ වෙතත් නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙරට ක්ෂය රෝග ව්‍යප්තිය වර්ධනයවී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සම්න්ත‍්‍රණයක දී ආනාවරණය කෙරුණා.