Friday, April 26, 2024

General line - 0115112241

අපරාධකරුවන් සොයා වැලිකඩ හදිසි සෝදිසියක්




රාජගිරිය වැලිකඩ පොලිස් වසමේ අද උදෑසන හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා.

වරෙන්තුකරුවන් හත් දෙනෙකු මෙහි දී අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසන්නේ.

තවත් පුද්ගලයින් 18 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහගේ මගපෙන්වීම යටතේ වැලිකඩ ස්ථානාධිපති සුදත් අස්මඩලගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම් සිදු කෙරුණා.

හෙරෝයින් මිලි ග්‍රෑම් 140 ක් , ගංජා ග්‍රෑම් 10 ක් සහ නීති විරෝධී මත්පැන් බෝතල් සියයක් ද මෙහි දී සොයා ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

නීති විරෝධීව වැලි ප්‍රවාහණය කිරීමේ ජාවාරමක් ද හෙළි කර ගෙන තිඛෙනවා.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 15 ක් ද පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. සෝදිසියට ලක්කර ඇති නිවාස ගණන 300 කට ආසන්නයි.

වාහන 140කට ආසන්න ප්‍රමාණයක් සෝදිසිකර තිඛෙනවා.

මෙම හදිසි සෝදිසි මෙහෙයුමට වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අමතරව පානදුර, මීගමුව, කැළණිය, කොළඹ උතුර සහ ගම්පහ යන කොට්ඨාශවල පොලිස් නිළධාරීන් ද සහභාගිවී සිටීම විශේෂත්වයක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අලූත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.