Friday, April 26, 2024

General line - 0115112241

ලංගමයේ නඩුවකට හිටපු ජනපති මහින්දගෙන් විරෝධතා




ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් පවරන ලද නඩුවකට එහි වග උත්තරකරුවන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන අය අද මූලික විරෝධතා ගොනු කළා. 

එම නඩුව පවරා ඇත්තේ කොළම වානිජ මහාධිකරණයේයි. 

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් ශ්‍රී ලංගම  බස් රථ වෙනුවෙන් නියමිත ගෙවීම් සිදු නොකළ බවට වගඋත්තරකරුවන් චෝදනා නගා තිඛෙනවා. 

එලෙස කළ යුතුව ඇති ගෙවිම රුපියල් මිලියන 142ක්. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද මෙහි වගඋත්තරකරුවන් වනවා. 

මූලික විරෝධතා ඇත්නම් ලබන 23 වනදා ට පෙර ගොනු කරන ලෙස  එම වගඋත්තරකරුවන්ටද අද නියෝග කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.