Friday, April 26, 2024

General line - 0115112241

කඹ අදින්න ගිහින් අවසන් ගමනම යයි




මාතලේ විල්ගමුව, අමුණුයාය ප‍්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක කඹ ඇදීමේ තරගයට සහභාගී වු පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. තරග ඉසව් කිහිපයකට සහභාගී වී ඇති ඔහු කඹ ඇදීමේ තරගයට එක් වෙමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි දෙදරු පියෙක්.