Friday, April 26, 2024

General line - 0115112241

වෙසක් සමරන්න එන මෝදි තෙල් ටැංකි ගැනත් ඇස යොමයි!




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා වෙසක් සැමරීම සඳහා ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව ද හින්දු පුවත්පත වාර්තා කරනවා. එහිදි ඉන්දීය අගමැතිවරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වීමට බලාපොරොත්තු වන බවත් එම වාර්තාවේ සඳහන්.

මේ වන විට ත්‍රිකුණාමලය වරායේ ඉහළ තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවය සාකච්ඡාද ආරම්භ කර තිබෙනවා. එම සංවර්ධන කටයුතු ලංකා ඉන්දියානු තෙල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ සිදුකෙරෙනු ඇති. 2003 දී අත්සන් කර ඇති ගිවිසුමක් යටතේ එම ඉන්දියානු තෙල් සමාගම මේ වන විටත් තෙල් ටැංකිවලින් කොටසක් භාවිත කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අගමැතිවරයාගේ එම සංචාරයට පෙර සාකච්ඡා සඳහා නවදිල්ලිය බලා යාමට නියමිතය.

තම සමාගම පහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කර ඇති බව ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා පවසනවා.