Friday, April 26, 2024

General line - 0115112241

මරදානේදී තරුණයෙක් දුම්රියෙන් වැටේ




දුම්රියකට නැගීමට යාමේදී වේදිකාව සහ දුම්රිය අතර මැදට ඇද වැටී තුවාල ලැබූ තරුණයෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර  තිබෙනවා. 

මරදාන දුම්රිය ස්ථානයේදී අද උදෑසන මෙම අනතුර සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දුම්රියකට නැගීමේදී සහ දුම්රියකින් බැසීමේදී ඉතා කල්පනාකාරී වන ලෙස ශ‍්‍රී ලංකා දුම්රිය සේවය මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඇතැම් මගීන් දුම්රිය නතර කිරීමට පෙර ඊට නැගීමට හෝ ඉන් බැසීමට යාමෙන් අනතුරට ලක්වන බවයි එහි දී සිහිපත් කෙරුණේ.