Friday, April 26, 2024

General line - 0115112241

'නෙත් කෝකිල වසන්තය' ජනතාවට අමතක නොවන අත්දැකීමක් එක් කරයි




නෙත් කෝකිල වසන්තය - 2017 බක් මහ උළෙල ජනතා ප‍්‍රසාද මැද ඊයේ (22) රාත‍්‍රියේ නිමාව දුටුවා.

ඒ, ගායන තරු රැසක් ගීතවත් වූ සීදුව සකුරා සංගීතවත් කළ මෙගා ෆයර් සංගීත ප‍්‍රසංගය ද සමගයි. 

මෙවර නෙත් කෝකිල වසන්තය කන්තලේ අග‍්‍රබෝධි විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එහිදී බොහෝදෙනාගේ අවධානය දිනාගත් තරගයක් වූයේ අවුරුදු කුමරිය තරගයයි. එම තරගය ජය ගැනීමට ජී. ඒ. ශෂිනි නිමේෂා සමත් වුණා. 

සාම්ප‍්‍රදායික ජන ක‍්‍රීඩා මෙන්ම නිර්මාණාත්මක නව තරග රැසක් ද ඊයේ දවස පුරා කන්තලේ අග‍්‍රබෝධි විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. සංස්කෘතිකාංගවලින් ද නෙත් කෝකිල වසන්තය 2017 විචිත‍්‍රවත් කිරීමට සංවිධායකයින් කටයුතු කළා.

ඩයලොග් ආසියාටා, මැලිබන් බිස්කට්, වටවල තේ සහ සිංගර් ශ‍්‍රී ලංකා යන ආයතන නෙත් කෝකිල වසන්තය - 2017 සඳහා අනුග‍්‍රහය ලබා දුන්නා. 
 


 

 

----------------------------------

නෙත් මෙගා ෆයර් සංගීත ප්‍රසංගයට සුදානම්

(2017-04-22 18:02)

 

නෙත් කෝකිල වසන්තය - 2017 බක් මහ උළලේ විචිත්‍රවත්ම අංගය වන නෙත් මෙගා ෆයර් සංගීත ප්‍රසංගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. 

ඒ සඳහා වන සූදානම් කිරීම් සහ පෙර පුහුණුවීම් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී මේ වනවිටත් සිදු කෙරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

මැරතන් සහ පාපැදි තරගවලින් නෙත් කෝකිල වසන්තය - 2017 අද උදෑසන ආරම්භ වුණා. 

පැවති සෑම තරග ඉසව්වක් සඳහාම ඉහළ සහභාගීත්වයක් ලැබුණු බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් කියා සිටියේ. 

සංස්කෘතිකාංග කිහිපයකින් ද නෙත් කෝකිල වසන්තය 2017 විචිත්‍රවත් වුණා.