Friday, April 26, 2024

General line - 0115112241

තෙල් ප්‍රශ්නය ජනපතිගෙන් අගමැතිට ගිය හැටි මහඇමති හෙළි කරයි




ආර්ථික කළමනාකරණය යනු දේශීය සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම නොවන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (24) රාත‍්‍රීයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ ඛණිජ තෙල් සේවක වර්ජනය හේතුවෙන් මෙරට ඉන්ධනහල් අටසියක පමණ ඉන්ධන තොග සම්පූර්ණයෙන් අවසන් වූ බවයි. 

ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් ඇමතිතුමත් එක්ක කරපු සාකච්ඡා අසාර්ථක වෙලා ජනාධිපතිතුමා ළඟට ආපුවාම ජනාධිපතිතුමා පැහැදිළිව කියලා තියෙනවා..මේක අගමැතිතුමා එක්ක බේර ගන්න කියලා. අගමැතිතුමා වෙලාවකට හම්බන්තොටට ගිහිල්ලා කියනවා..චීනයට දෙනවයි කියලා..ත්‍රිකුණාමලයට ගිහින් කියනවා..ඉන්දියාවට දෙනවයි කියලා..තව මොකක්හරි එකක් ජපානයට දෙනවයි කියනවා. මේ රටේ මිනිස්සු මේ රටේ දේපළ බදු දීම හෝ විකිණීමට දැඩි විරෝධයක් තියෙනවානේ..ඒ නිසා මේකට විසඳුම දෙන්නත් ඕනේ අගමැතිතුමාම තමයි. ජනාධිපතිතුමා කොහේවත් ගිහින් කිව්වේ නැනේ මේවා එක එක රටවලට දෙනවයි කියලා." යනුවෙනි.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)