Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු තැබූ වරුණගේ හෙල්ල චීන බලධාරීන් විසිකර දමයි




ශී‍්‍ර ලංකා හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩක වරුණ ලක්ෂාන්ට ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ 3 වන අදියරයට එක් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පළමු හා දෙවන අදියරයන් පැවති චීනයේ සිට චින තායිපේ වෙත පැමිණිමේ දී මතු වූ ගැටලුවක් හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

වරුණ ලක්ෂාන් තරඟය සඳහා ගෙන ගිය හෙල්ල ගුවන් යානයෙන් ගෙන යාම සඳහා අවශ්‍ය විධි විධාන සලසා නොතිබීම මෙම ගැටලුවට හේතු වී තිබෙනවා.

මේ නිසා ඔහුට අමතර මුදලක් ගෙවන ලෙසයි හැන්ග් ෂුෂියෝෂන් ගුවන් තොටුපොළ බලධාරීන් දන්වා ඇත්තේ. වරුණ ලක්ෂාන් අදාළ මුදල අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට සූදානම් වුවත්, චීන යුආන් මුදලින් ගෙවන ලෙසයි ගුවන් තොටුපොළ බලධාරීන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් හැන්ග් ෂුෂියෝෂන් ගුවන් තොටුපොලේ මුදල් මාරු කිරීමේ කවුලු වසා තිබීම නිසා වරුණ ලක්ෂාන්ගේ එම ප‍්‍රයත්නයත් අසාර්ථක වුණා. පසුව වරුණ ලක්ෂාන් එම ගුවන් තොටුපොලේ රැදී සිටි අතර හිමාෂ එ්ෂාන්, නිමාලි ලියනාරච්චි ප‍්‍රමුඛ ශී‍්‍ර ලාංකික මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ චීන තායිපේ බලා ගමන් ආරම්භ කළා.

ගුවන් තොටුපොළේ බොහෝ වේලාවක් රැදී සිටි වරුණ පසුව ඊයේ (29) රාති‍්‍රයේ යළි දිවයනට පැමිණ තිබෙනවා. 

චීනයේ දී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ආසියානු මළල කී‍්‍රඩා සංගමය දැනුවත් කිරීමට ද ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය පියවර ගෙන තිබෙනවා. විදෙස් තරගාවලි සඳහා ඉදිරිපත්වීමේ දී ශී‍්‍ර ලංකා කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගුවන් ගමන්වලදී අපහසුතාවට පත්වූ පළමු අවස්ථාව ද මෙය නොවේ.

සාමාන්‍ය ගුවන් මගියෙකු වෙනුවෙන් වෙන් වන ප‍්‍රවේශ පත‍්‍ර සහිතව ගමන් කිරීමේ දී මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙවැනි අපහසුතාවන්ට ලක්වන බවයි මලල කී‍්‍රඩා ප‍්‍රවීණයින් පවසන්නේ.

කී‍්‍රඩා උපකරණ සඳහා ඇතැම් ගුවන් සේවාවන්ට අතිරේක මුදලක් ගෙවීමට සිදු වන අතර එ් පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් ප‍්‍රවේශ පත‍්‍ර වෙන් කිරීමේදී සාමාන්‍ය ගුවන් මගියෙකු සේ සලකා ප‍්‍රවේශපත‍්‍ර වෙන් කිරීම සිදු වනවා.

එසේනම් විදෙස් ගමනට පෙර ඊට පිළියම් සොයා ගැනීමද බලධාරීන් විසින් සිදු කළ යුතුයි. මේ අතර ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී මලල කී‍්‍රඩා තරගාවලියේ තුන්වන අදියර චීන තායිපේ දී අද (30) ආරම්භ වනවා. තරග ඉසව් ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.