Friday, April 26, 2024

General line - 0115112241

ගුරු සිසු කාලය කන වැඩේ නතර කරන්න




පාසල් තුළ ක‍්‍රියාත්මක පාසල් පාදක ඇගයීම් ක‍්‍රියාවලිය ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ කාලය කා දමන වැඩසටහනක් බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි සංවිධායක ලේකම් ලාල් කුමාර පැවසුවේ මේ හේතුවෙන් දෙපාර්ශවයම දැඩි පීඩාවට පත්ව සිටින බවයි. 

මෙම ක‍්‍රියාවලිය නවතා නව ක‍්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද මෙහිදි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරුණා.