Friday, April 26, 2024

General line - 0115112241

අතුරුදන්වු ධීවර යාත්‍රා 19 ක් සොයා මෙහෙයුමක් ඇරඹේ




මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයෙන් ධීවර කටයුතු  සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ බව කියන ධීවර යාත‍්‍රා 19ක් සෙවීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 

මුහුදේ පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙම ධීවර බෝට්ටු අතුරුදන්ව ඇති බවටයි ඔවුන්ගේ ඥාතීන් නාවික හමුදාවට දැනුම් දී ඇත්තේ. 

ඒ අනූව ධීවර බෝට්ටු සෙවීම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත‍්‍රා කිහිපයක් යොදවා තිබෙනවා.