Friday, April 26, 2024

General line - 0115112241

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි




බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ මේ සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

අධිකරණ නියෝගයක් මගින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීම ද තහනම්කර තිඛෙනවා. 

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සිදු කිරීම උන්වහන්සේට එරෙහි චෝදනායි.