Friday, April 26, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා කෙරේ (PHOTOS)




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වාහන ධාවනය දොඩම්ගොඩට සීමා කෙරේ. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වාහන ධාවනය දොඩම්ගොඩට සීමා කර තිබෙනවා. 

ඒ අනූව මාතර දෙසින් ඇතුළු කෙරෙන වාහන දොඩම්ගොඩ පිටවුමෙන් පිටවිය යුතුයි. 

මාතර දෙසට වාහන ධාවනය යථා පරිදි සිදු කෙරෙන බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ. 

කෙසේ වෙතත් ගොඩගම නිල්වලා පිටවුමෙන් කුඩා වාහන පිටවිය නොහැකියි. 

ඒ අනූව කුඩා වාහන පින්නදූව පිටවුමෙන් පිටවී සාමාන්‍ය මාර්ග ඔස්සේ ඉදිරියට ධාවනය කළ යුතු වනවා.