Wednesday, May 8, 2024

General line - 0115112241

ආපදා වලින් පීඩාවට පත් දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩසටහනක්




හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සදහා විශේෂ මනෝ උපදේශන වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 දිවයිනේ සෙසු පාසල්වල සේවයේ නියුතු මනෝ උපදේශන ගුරුවරුන්ගේ සහ වගකිවයුතු අනෙකුත් පාර්ශවයන්ගේ සහයෝගය ලබාගෙන මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන ලෙසටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. 

පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික ශක්තිය ගොඩනංවමින් ඔවුන් නැවතත් ශක්තිමත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.