Friday, April 26, 2024

General line - 0115112241

මධ්‍යම කදුකරයටත් වැසි - දික්ඔය වතු නිවාස පෙළක් මතට පස් කඩා වැටෙයි




හැටන් - දික්ඔය, වනරාජ වතුයායේ වතු නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා. පස්කන්ද කඩා වැටීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නැහැ. 

එම නිවාසවල පදිංචි වි සිටි පිරිස ඉවත් කිරීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඊයේ රාති‍්‍රයේ සිට අද උදෑසන දක්වා වැසි හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඉකුත් දිනවල සිදුවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 211 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

 එම මධ්‍යස්ථානය අද උදෑසන 9 ට නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව අතුරුදන්වී සිටින පුද්ගලයන් ගණන 91 ක්. පුද්ගලයන් තිස් නව දහස් අනූ දෙදෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 239 ක රදවා සිටින බවද එම වාර්තාවේ සදහන්.