Friday, April 26, 2024

General line - 0115112241

පරණගම අවධානම් - මිදුලේ සිටි කාන්තාවක් එකවරම පොළොවේ ඇතිවූ කුහරයකටත් ඇද වැටිලා




මාතලේ, පල්ලේපොල, පරණගම ප‍්‍රදේශයේ නිවාස රැසක බිත්ති ඉතා දරුණු ලෙස ඉරිතැලීමට ලක්ව ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසනවා.

එම ගම්මානයේ නිවාස 30 ක පමණ බිම ද ඉරිතැලීම හේතුවෙන් අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

වසර ගණනාවක සිට ඉතා සියුම් ඉරි තැලීම් පැවැති බවත් මේ වන විට එය දරුණු අතට හැරී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මාතලේ, පල්ලේපොල, පරණගම ප‍්‍රදේශයේ නිවාසවල පවතින මෙම අවදානම් තත්ත්වය පිළිබඳ වහා සොයා බලන ලෙසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සිය ගම්මානයේ පවුල් 150ක් පමණ ජීවත් වන බවත් නිවාස 30 කට වැඩි ප‍්‍රමාණයක් අවදානම් තත්ත්වයේ පවතින බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

කොයි මොහොතක හෝ ගම්මානයම විනාශ වී යනු ඇතැයි බියක් පවතින බව ද ප‍්‍රදේශවාසීන් සඳහන් කරනවා.

එම ප්‍රදේශයේ සංචාරය කළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ, පරණගම ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානය ආසන්නයේ පදිංචිව සිටින කාන්තාවක වරක් සිය මිදුලේ සිටියදී එකවරම පොළොවේ ඇති වූ කුහරයක් තුළට ඇඳ වැටී ඇති බවයි.