Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පැරදවූ පකිස්තානුවන්ට දඩ නියම වෙයි 




ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරගයේ දී නියමිත පන්දුවාර ගණන නියමිත කාලය තුළ යවා අවසන් නොකිරීම නිසා පකිස්තාන කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා. 

නියමිත කාලය තුළ ඔවුන් යවා අවසන් කර තිබුණේ පන්දුවාර 49ක් පමණයි. 

ඒ අනුව පකිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරූ සප්‍රාස් අහමඩ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට විස්සක් ද, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට දහයක් ද දඩ ලෙස නියම කර තිබෙනවා. 

සප්‍රාස් අහමඩ් සිය කණ්ඩායම වෙනුවෙන් මෙම වරද සහ දඬුවම පිළිගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

අයි සී සී රෙගුලාසිවලට අනුව මෙම තරගාවලිය තුළ නැවත වරක් පකිස්තාන කණ්ඩායම මෙම වරද සිදු කළහොත් නායක සප්‍රාස් අහමඩ්ට එක් තරගයක් සඳහා තරග තහනමක් ද පැනවෙනු ඇති.