Friday, April 26, 2024

General line - 0115112241

ලන්ඩන් ගින්නෙන් මිය ගිය ගණන ඉහළට - සිරවූ පිරිස් තවදුරටත් (VIDEO)




බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් 24ක නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

ගිනි නිවන භටයින් විසින් ගොඩනැගිල්ලේ සිර වී සිටි 65 දෙනෙකුගේ දිවි බේරා ගනු ලැබ තිබෙනවා.

ඇතැම් පිරිස් තවමත් ගොඩනැගිල්ලේ සිරවී සිටින බවත්, තවත් සමහරෙක් ගින්නෙන් බේරීමට ගොඩනැගිල්ලෙන් බිමට පැන්න බවත් ඇසින් දුටුවන් ප‍්‍රකාශ කළා. 

මෙම ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථානවල ගින්න තවමත් සම්පූර්ණයෙන් නිවා දමා නොමැති බවයි ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මහල් නිවාස 120කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ හයසියයකට ආසන්න පිරිසක් ජීවිත්ව සිටින්නට ඇති බවටයි මේ වන විට විශ්වාසය පළ වන්නේ.    


 (වීඩියෝව පහතින් දැක්වෙයි)