Friday, April 26, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ගේ කණ්ඩායමකුයි සත්‍යලිංගම්ගේ කණ්ඩායමකුයි උතුරේ ගැටෙයි (PHOTOS)




උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි. සත්‍යලිංගම්ට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් විසින් අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස කර ඇති බලපෑම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා දූෂණ වංචා සිදුකොට ඇති බවට එල්ල කරන චෝදනාවලට විරෝධය දක්වමින් වවුනියාව ප‍්‍රදේශවාසීන් විසින් වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (19) පැවැත්වූ විරෝධතාවක් අතරතුරතුරදී නොසන්සුන්තාවයක් ඇති වුණා.

ප‍්‍රධාන අමාත්‍යවරයා විසින්, වන්නි දිස්ත‍්‍රික්කයේ ජනතාව පත්කළ සත්‍යලිංගම්ට අපහාස කරන බවත් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ සිදුකිරීමට නොහැකි ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩකරන අමාත්‍යවරුන්ට චෝදනා නැගීම වන්නි ජනතාව හෙළා දකින බවයි එම විරෝධතාකරුවන් පවසා සිටියේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාට සහය දක්වමින් විරෝධතාවය පැවැති ස්ථානයට  වෙනත් ස්ථානයක සිට පැමිණි කණ්ඩායමක් විසින් ප‍්‍රධාන අමාත්‍යවරයා විවේචනය නොකරන ලෙසත් විරෝධතාකරුවන් හට විසිර යන ලෙස බලකරමින් කටයුතු කිරීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගත්තා.

මෙහිදී දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීම් පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියා.