Friday, April 26, 2024

General line - 0115112241

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්




මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට  නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, මහජනතාවට අවහිර වන අයුරින් විරෝධතාවේ නිරතවීම වළක්වමින්. 

සාමකාමී ලෙස විරෝධතාව පළ කළ හැකි බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඒ, සාමකාමී ලෙස විරෝධතාවය දැක්වීමට ඇති අයිතිය පිළිගනිමින්. 

මෙම විරෝධතාව සංවිධාන කරනු ලැබුවේ ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින්.