Friday, April 26, 2024

General line - 0115112241

ඥාණසාර හිමිට ඇප - පොලිසියට බැණුම්




අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වෙත ඇප ලබා දී තිබෙනවා.

කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා ඇප නියම කෙරුණේ රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතයි.

පොලිසිය ඇප දීමට විරුද්ධ නොවූ අතර මෙහිදී  පොලිසිය සම්බන්ධයෙන් කණගාටු වෙන බවයි  මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.

ඒ ඥාණසාර හිමි සම්බන්ධයෙන් බී වාර්තාවෙන් පොලිසිය දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන්.

අද (21) දහවල් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.