Friday, April 26, 2024

General line - 0115112241

FaceBook යෙදවුමට WhatsApp අභියෝගයක් වෙයි




ජනතාව ප්‍රවෘත්ති ගවේෂණය සහ හුවමාරුව සඳහා whatsapp ජංගම දුරකතන යෙදවුම භාවිත කරන බවට නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මැලේසියානු වැසියන්ගෙන් 50%ට වැඩි ප්‍රතිශතයක් එක් සතියක් තුළදී ප්‍රවෘත්ති පිළිබඳ දැනුවත් වීම සඳහා whatsapp  යොදා ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ.

එහෙත් අමෙරිකානු වැසියන් සහ බ්‍රිතාන්‍ය වැසියන් whatsapp භාවිත කරන්නේ 3% ක් සහ 5% ක් අතර ප්‍රමාණයක්.

ප්‍රවෘත්ති සෙවීම සඳහා facebook භාවිත කරන ප්‍රතිශතය තවමත් ඉහළම ස්ථානයේ පැවතියද whatsapp යෙදවුම වර්ධනීය මට්ටමකට ලඟා වී ඇති බවයි මෙම සමීක්ෂණයෙන් අනාවරණ  වී ඇත්තේ.

සමීක්ෂණය සිදු කර ඇත්තේ oxford විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය  සම්බන්ධ අධ්‍යයනායතනයක් විසින්.