Friday, April 26, 2024

General line - 0115112241

ධාවනය වෙමින් තිබු දුමිරියේ, එන්ජිම මැදිරි වලින් වෙන් වෙයි - මාරක අනතුරක් නූලෙන් බේරෙයි (PHOTOS)




කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුමිරිය හැටන් සිංගිමලේ උමං මාර්ගය අසලදි එන්ජිම මැදිරිවලින් ගැලවි අඩි විස්සක් පමණ ඉදිරියට ධාවනය වි ඇති බව එම දුමිරියේ ගමන් ගත් මගීන් පවසනවා

හැටන් දුමිරිය ස්ථානයෙන් අද පස්වරු 2.30 ට ගමන් ආරම්භ කළ එම දුමිරිය සිංගිමලේ දුමිරිය උමං මාර්ගය අසලදි ඉදිරිපස එන්ජිම මැදිරිවලින් වෙන්වී අඩි විස්සක් පමණ ඉදිරියට ධාවනය විමෙන් පසුව නැවතත් එන්ජිම ආපසු මැදිරි වෙත පසු පසට පැමිණ වෙන්වු මැදිරි දුමිරිය රියදුරන් විසින් එක්කළ බවයි එම දුමිරියේ ගමන් ගත් මගීන් පැවසුවේ.

පසුව එම දුමිරියේ ඉදිරිපස එන්ජිමේද කාර්මික දෝෂයක් ඇතිවිම නිසා බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුමිරිය යලිත් හැටන් දුමිරිය ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

උඩරට මැණිකේ දුමිරියේ පැමිණි විශාල මගින් පිරිසක් ඊට පසුව බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු විශේෂ දුමිරියක නංවා යැවිමට හැටන් දුමිරිය ස්ථානයේ නිලධාරින් කටයුතු කර තිබෙනවා. 
 
කාර්මික දෝෂයකට ලක්වි ඇති උඩරට මැණීකේ දුමිරිය හැටන් දුමිරිය ස්ථානයේ ගාල් කර තිබෙනවා.