Friday, April 26, 2024

General line - 0115112241

දඹුලු විහාරය විනාශ වෙලාද? නැද්ද? - ඡායාරූප මෙන්න




දඹුල්ල ලෙන් විහාරය සම්බන්ධව මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණා.

එහිදී දඹුල්ල ඓතිහාසික ලෙන් විහාරය භූමිය ආශ්‍රිතව සිදු කර ඇති අනවසර ඉදිකිරීම් හා ලෙන් විහාරයේ සිතුවම්වලට හානි සිදුව ඇති ආකාරය ගැන පැහැදිළි කෙරුණා.

සිතුවම් සංරක්ෂණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් සංරක්ෂණ ආයතනයක් වන ඉතාලියේ International Centre for the Study of the Preservation and Restoration of Cultural Property (ICCROM)  ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මෙරටට පැමිණ පරීක්ෂා කර ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම කළ යුතුව තිබුණත් මතු වී ඇති තත්ත්වය මත එම සියලු සංරක්ෂණ කටයුතු නතර කිරීමට සිදු වී ඇති බවත් පෙන්වා දුන්නා.





(ඉහත ඡායාරූප උපුටා ගැනීම ඉෂාර කොඩිකාරගේ ෆේස්බුක් පිටුවෙනි)

----------------------------------------------