Friday, April 26, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලයේ 8 පුද්ගල නඩුවට අධිචෝදනා දෙයි! IP ඇතුළු 06ක් රක්ෂිතයට




යුද්ධය පැවති සමයේ ති‍්‍රකුණාමලය භාරතීපුරම් ප‍්‍රදේශයේදී සිවිල් වැසියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට චෝදනා ලැබ සිටින පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු හය දෙනෙකු මේ මස 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, උතුරුමැද පළාත්බද මහාධිකරණ විසිසුරු මංජුල තිලකරත්නගේ නියෝගයකට අනුවයි.  

මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ සෙබලූන් ඇතුළු 11 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. ඒ අතරින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. 1998 වසරේ පෙබරවාරි පළමු වනදා හෝ ඊට ආසන්න දිනක සිදුව ඇති මෙම ඝාතන සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 37 ක් යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොණුකර තිබෙනවා.