Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රභාකරන්වත් විනාශ නොකළ පුරාණ සොහොන් බිමක් වනසයි




වසර අවුරුදු 1,50,000 පැරණි, ජාතික උරුමයක් වන අග්බෝපුර සුමේරියන් සොහොන් බිම නිධන් හොරුන් සහ ජාවාරම්කරුවන් විසින් වනසා දමා ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසනවා. එම සොහොන් බිම සංරක්ෂණය කරන ලෙස බලකරමින් ඔවුන් අද (08) උද්ඝෝෂණයකද නිරත වුණා. 

එහිදී අදහස් දැක්වූ ගම්වාසියෙකු පැවසූවේ ප්‍රභාකරන්වත් විනාශ නොකළ බිමක් දැන් විනාශ කරන බවය. ගම්වාසීන්ට එම ප්‍රදේශයට ඇතුළුවීම පවා තහනම් කර තිබූ බවයි ඔහු පැවසුවේ.

සුමේරියන් සොහොන් බිම අක්කර විසිපහක පමණ භූමි ප‍්‍රදේශයක ව්‍යාප්ත වී ඇතැයි ද එහි තේක්ක දැව කැපීමේ ජාවාරමක් ද මේ වනවිට සිදුවෙමින් ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.