Monday, December 2, 2024

General line - 0115112241

පවතින මැතවරණ නීති වෙනස් කිරීම පිළිබඳව හිටපු මැ.කො කතා කරයි




පවතින මැතිවරණ නීතිය වෙනස් කිරීම දිගු කාලීන සංකීර්ණ වැඩපිළිවෙළක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ පවතින නීති ක්‍රමවේදයට අනුව තෝරාගත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට හැකියාවක් ඇත්නම් එය යෝග්‍ය බවයි. 

ඡන්දය භාවිත කිරීම සියලු දෙනාගේ අයිතියක් බවත් එය සියලු දෙනා අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියේ. 

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් විශේෂ වැඩසටහනට එක්වෙමින්.