Friday, April 26, 2024

General line - 0115112241

නුග අත්තක් කඩා වැටී සරසවි සිසුන් තිදෙනෙක් රෝහලේ




දඹුල්ල කණ්ඩලම වැවේ දිය නාන තොටුපලක් ආසන්නයේ තිබෙන නුග ගසක අත්තක් කඩා වැටීමෙන් විශ්ව විද්‍යාල සිසුන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන අයයි.

විනෝද චාරිකාවක් සඳහා මෙම පිරිස දඹුල්ලට පැමිණ තිබෙනවා. තුවාලලැබූවන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ දඹුල්ල මූලික රෝහලටයි.