Friday, April 26, 2024

General line - 0115112241

දේශ සීමාවන්හි සිදුවන මඩ ප්‍රචාර නවතමු! කොරියානු දෙරට සාකච්ඡාවට එන ලකුණු!




දෙරට අතර යුදමය සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයි දකුණු කොරියානු ආණ්ඩුව උතුරු කොරියානු බලධාරීන්ට යෝජනා කර ඇති බව බීබීසීය වාර්තා කරනවා.

මීට පෙර මෙවෙැනි යේජනාවක් අවසන් වරට කර ඇත්තෙ 2015දීය. එම යෝජනාව ඉදිරිපත් කෙරුණේ උතුරු කොරියාව විසින් පසුගියදා මිසයිල අත්හදා බැලීම් කීපයක්ම සිදු කරනු ලැබීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

කොරියානු රාජ්‍යයන් දෙක අතර යුද හමුදා විරහිත කලාපයේ පිහිටි 'Panmunjom' සටන් විරාම ගම්මානයේ දී එම සාකච්ඡා ආරම්භ කරන ලෙසද ඉල්ලීමක් කළ බව දකුණු කොරියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය සුහ් චූ -සුක් (Suh Choo-suk) නිවේදනයක් නිකුත්කරමින් කියා සිටිනවා. "එම සාකච්ඡාවේ ඉලක්කය ගැටුම්කාරී තත්වයක් උත්සන්නව පවතින දේශසීමාවේ එදිරිවාදී ක්‍රියා අවම කර ගැනීම" බවත් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

යෝජනාවේ සඳහන්වන පරිදි දෙරට අතර සාකච්ඡා ජූලි 21 වෙනි දින ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා.

දකුණු කොරියාවේ අලුත්ම යෝජනාව සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් ක්ෂණික ප්‍රතිචාරයක් පළවුයේ නොමැත.

කොරියානු රාජ්‍යයන් දෙක අතර කෙළින්ම අදහස් හුවමාරු කර ගැනීමේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපනය කරන මෙන් දෙරට එකමුතු කිරීම භාර දකුණු කොරියානු ඇමති චෝ මයූන්ග් ග්යෝන්(Cho Myoung - gyon) ද ඉල්ලීමක් කරනවා.