Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්!




මැලේසියාවේ පැවති විවෘත මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් 3 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

උපමාලිකා රත්නකුමාරි මීටර් හාරසියය ධාවන ඉසව්වට එක්වෙමින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම දිනා දුන්නේ තත්පර 53.88 දක්‍ෂතාවක් වාර්තා කරමින්.

මීටර් හාරසියය කඩුලූ මතින් දිවීමේ ඉසව්වට එක් වූ නිලූක වික‍්‍රමසිංහ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඒ තත්පර 66.9 දක්‍ෂතාවක් වාර්තා කරමින්.

හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම සම්පත් රණසිංහ දිනාගත්තා. ඔහුගේ දක්‍ෂතාව මීටර් 70. 7 ක්.

මීටර් එක්දහස් පන්සියය ධාවන ඉසව්වට එක්වු දමිත් හේමන්ත විනාඩි 3 යි තත්පර 59.15ක දක්‍ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.