Friday, April 26, 2024

General line - 0115112241

ජනමාධ්‍ය ඒකාබද්ධ මෙහෙයුමෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන පිරිසිදු කෙරේ




රාජ්‍ය හා පෞද්ගලික සියළු මාධ්‍ය ආයතන එක්ව මෙහෙයවනු ලබන ඩෙංගු මර්දන වැඩසටහන රට පුරා අදත් සිදු කෙරුණා. 

ඒ, "අපිම අරඹමු - ඩෙංගු දුරලමු" යන තේමාව යටතේයි.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනද, පාසල් පරිශ්‍රද පරීක්ෂා කර, පිරිසිදු කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා අද (21) දිනය වෙන් කර තිබුණා. 

ඒ අනුව උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වා රට පුරා බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ද පාසල්වල ද පිරිසිදු කිරීම් සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පයෙන් දිරිමත්ව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ද අද ඩෙංගු මර්දන වැඩසටහන් සිදු කෙරෙනවා. 

මෙහිදී ආවරණය කෙරෙන්නේ 520 - නාවල බටහිර ග්‍රාම නිලධාරී වසම සහ 520 - බී නාවල නැගෙනහිර ග්‍රාමසේවා වසමයි. 

520 - බී නාවල නැගෙනහිර ග්‍රාම නිලධාරී හේමමාලා ජයසිංහ ද සිදු කෙරෙන ඩෙංගු මර්දන මෙහෙයුම පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.