Friday, April 26, 2024

General line - 0115112241

යාපනය විනිසුරු බේරාගත් පොලිස් නිලධාරියෙක් රෝහලේදී ජීවිතක්ෂයට




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (23) අලූයම 2.30 ට පමණ අදාළ පොලිස් නිලධාරියා මියගිය බවයි.

වෙඩි ප‍්‍රහාරයෙන් ඔහුගේ උදර ප‍්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව තිබුණා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු යාපනය රෝහලේම ප‍්‍රතිකාර ලබනවා.

ඊයේ (22) පස්වරු 5 .30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

එහිදී විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ප්‍රහාරයට පැමිණි සැකකරු අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

විනිසුරු එම්. ඉලංචේලියන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ද සාමාජිකයෙකු වනවා.