Friday, April 26, 2024

General line - 0115112241

පුරාවිද්‍යාවේ ලොකු පුටු රැසක්ම හිස්!




පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවල පුරප්පාඩු රැසක් තිබෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වනවා.

එම දෙපාර්තමේන්තුවට අධ්‍යක්‍ෂ තනතුරු 09ක් අයත් අතර ඉන් තනතුරු 08කම පුරප්පාඩු පවතින බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. සහකාර අධ්‍යක්‍ෂ තනතුරු 27න් තනතුරු 03ක් සඳහා පමණක් නිලධාරීන් සිටින බව ඔවුන් කියා සිටියා.

වසර 04ක පමණ කාලයක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම පුරප්පාඩු පවතිනවා. මේ හේතුවෙන් දෙපාර්තමේන්තු කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.