Saturday, April 27, 2024

General line - 0115112241

ඔබේ දුරකථනයෙන් අද පළමු ඇමතුම ගැනීමට පෙර මෙය කියවන්න 




ලොව දිනෙන් දින නව මාදිලි ඔස්සේ වෙළඳපොළට පැමිණෙන දුරකථන සොයා ගත් ස්කොට්ලන්ත විද්‍යාඥයෙකු මෙන්ම ශූර ව්‍යාපාරිකයෙකු ද වූ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ජීවිතයෙන් සමුගෙන අදට (අගෝස්තු 02) වසර 95ක් ගතවනවා.


ගිනිපෙට්ටි පියන් දෙකක් නූලකින් සම්බන්ධ කළ විටත් එක් කොනකින් කියන දේ අනෙක් කනට ඇසේ. පෙම්වතුන් ලොවට හොරා පෙම් කළ මේ ඓතිහාසික සරල ක්‍රමය යුරෝපා රටවල එකල හඳුන්වනු ලැබුවේ  ‘ලවර්ස් ටෙලිෆෝන්’ හෙවත් ‘පෙම්කරන්නන්ගේ ටෙලිෆෝනය’ලෙසයි.

ඉලෙක්ට්‍රික් ක්‍රමයට කට හඬ සම්ප්‍රේෂණය කරන ප්‍රායෝගික ටෙලිෆෝනයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්ද හිමි කර ගත් ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ට  පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා පාසල් යාමට ඉඩ ලැබුණේ වයස අවුරුදු දහහයේදී යි.

 ‘Mr. Watson, come here, I want you’  යන්න  එම දුරකථනයක් ඔස්සේ මනුෂ්‍යයා කතා කළ පළමු වචන ලෙස සැලකෙනවා.