Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර ඇරඹේ




ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව සඳහා ප්‍රාන්ත  13 ක මැතිවරණ කොට්‍‍ඨාශ 88ක් ඡන්දය ප්‍රකාශ කරමින් අදියර හතකින් යුත් ඉන්දීය මැතිවරණයේ දෙවන අදියර අද ආරම්භ වුණා.

ඡන්ද විමසීමේ පළමු අදියර පැවැත්වුණේ අප්‍රේල් 19 වැනිදායි.

එදින ප්‍රාන්ත සහ පරිපාලන ප්‍රදේශ 21ක් පුරා මැතිවරණ කොට්ඨාශ 102කදී ඡන්ද විමසීම පැවැත්වුණා.

මිලියන 900 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඉන්දීය මහ මැතිවරණය යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ජනගහනයට වඩා විශාල මැතිවරණයක් වනු ඇති.

මැතිවරණය 2019 අප්‍රේල් 11 සිට මැයි 19 දක්වා ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක දී පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඡන්ද ගණන් කිරීම මැයි 23 වන දින සිදු කෙරෙන අතර එදිනම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ.