Friday, April 26, 2024

General line - 0115112241

වගකීම කර දැරූ දිමුත් දැවී යයි




ඉන්දියාව හමුවේ ශ්‍රි ලංකාව ඉණිමක පරාජයෙන් ගලවා ගැනීම සඳහා වගකීම් සහගත සටනක නිරත වූ දිමුත් කරුණාරත්න මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 141කට දැවී ගියා. 

දිවා විවේකයෙන් පසු මේ දක්වා වූ පැයකට ආසන්න තරග කාලයේදී ශ්‍රි ලංකා ඉණිමේ බිඳ වැටුණු කඩුලු සංඛාව 04ක්.  

ඒ අනුව, මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 363ක් රැස් කර ගෙන සිටියා.  

-------------------------------

පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා පිළ තියුණු සටනක (06-08-2017 / 12.40)

ඉන්දු - ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ හතරවන දිනයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ ඉණිමක පරාජයෙන් බේරීම සඳහා මේ වනවිට තියුණු සටනක නිරත වී සිටිනවා.

දිවා විවෙකය සඳහා තරගය නතර කරන විට ඔවුන් සිටියේ කඩුලු 04ක් දැවී ලකුණු 302ක් රැස්කර ගෙනයි.

දිනයේ පළමු ක‍්‍රීඩා කාලයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් බිඳ වැටුණා. දැවී ගිය ක‍්‍රීඩකයින් වූයේ මලින්ද පුෂ්ප කුමාර සහ නායක දිනේෂ් චන්දිමාල්.

මලින්ද පුෂ්පකුමාර ලකුණු 16කට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලබාගත්තේ ලකුණු දෙකක් පමණයි.

දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 136යි. මෙය ටෙස්ට් ක‍්‍රිකට් තරගවලදී ඔහු රැස්කර ගත් හයවන ශතකය ද වනවා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28යි. ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමේ දී ලකුණු 183කට දැවී ගියා.

ඉන්දීය කණ්ඩායම පළමු ඉණිමේ දී ලකුණු 622යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටින්නේ ඉන්දීය කණ්ඩායමකට ලකුණු 137ක් පිටුපසින්.

(ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල දෙවැනි ඉනිමේ  හොඳම සාමාන්‍යය සහිත ආරම්භක පිතිකරුවන් දස දෙනා පහතින් දැක්වෙයි.)

64.20 - Herbert Suttcliffe
52.83 - Sunil Gavaskar
51.82 - Mathew Hayden
51.65 - Geoff Boycott
49.42 - Desmond Haynes
47.83 - Gordon Greenidge
47.48 - DIMUTH KARUNARATNE
47.00 - Saeed Anwar
46.50 - David Warner
46.21 - Graeme Smith

 

-----------------------------------------

අද ඉවසීම වැදගත්

(2017 / 08 / 06 07:50)

ඉන්දු - ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ හතරවන දිනය අදයි.

පරාජය වීමෙන් බේරීමට නම් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් අද (06) ඉතා ඉවසිලිවන්තව ක‍්‍රීඩා කළ යුතු බව විචාරකයින්ගේ අදහසයි.

ඊයේ තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිටියේ කඩුලු 02ක් දැවී ලකුණු 209ක් රැස්කර ගෙනයි.
දිමුත් කරුණාරත්න ලකුණු 92ක් ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 02ක් ද ලබාගනිමින් නොදැවී පන්දුවට පහරදෙමින් සිටියා.

පළමු ඉණිමේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම රැස් කර ගත්තේ ලකුණු 183ක් පමණයි. ඉන්දීය කණ්ඩායම පළමු ඉණිමේ දී ලකුණු 622ක් ලබා ගත්තා.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 230ක් පිටුපසින්.