Friday, April 26, 2024

General line - 0115112241

ගුරුසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්




තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් තවදුරටත් එම කමිටුවේ සිටින බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ වන විට ගුරුසිංහ පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිද සඳහන් වන්නේ ගුරුසිංහ ඉල්ලා අස් වූ බවට පළ වාර්තා සත්‍යයෙන් තොර බවයි.