Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ලකුණු 135 දැවී ගිය හැටි (UPDATE)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට දැවී ගියා. පන්දුවාර 37.4කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වුණා.

ඉන්දියාව පළමු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 487ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 352ක් පසුපසින් සිටිනවා. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් වුණා.

-------------------------------------------

ශ්‍රී ලංකා කණ්ඩායමේ හතර වන කඩුල්ලත් බිද වැටුණු හැටි (13-08-2017 15:15)

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 4ක් මේ වනවිට බිද වැටී තිබෙනවා.

පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 5කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්න රැස් කළේ ලකුණු 4ක් පමණයි. 

ලකුණු 18ක් රැස්කර සිටියදී කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් මුහුණදුන් තුන්වන පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබා දැවී ගියා. 

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියළු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 487ක්. 

නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවි ලකුණු 61 ක් රැස්කර සිටියා.