Saturday, April 27, 2024

General line - 0115112241

විපතට පත් සාලාව ජනතාව අස්ගිරි නා හිමියෝ බැහැ දැකීමට සූදානම්




සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාව අස්ගිරි මහ නා හිමියන් බැහැ දැකීමට සූදානම් වනවා. 

මෙම සිදුවීමට අදට මාස 15 ක් ගත වී ඇතත් විපතට පත් ජනතාවට ලබා දුන් වන්දි ප‍්‍රමාණය සාධාරණ නොමැති බවයි ඔවුන් පවසන්නේ. 

අද පස්වරුවේ මේ පිළිබඳ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන් දැනුවත් කරන බවයි සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි කියා සිටියේ.