Friday, April 26, 2024

General line - 0115112241

ක‍්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ‍්‍රී ලංකාවට අවස්ථාවක්




2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ඝෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් හිමිව තිබෙනවා. 

ශ‍්‍රී ලංකාව මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ ප‍්‍රසාද ලකුණු 88 ක් ලබා ගනිමින් පසුවන්නේ 08 වන ස්ථානයේයි. 

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තරග 02ක් ජය ගත හොත් ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත හැකි වනවා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 78ක් ලබා මේ වනවිට පසුවන්නේ 09 වැනි ස්ථානයේයි. 

කොදෙව් කණ්ඩායමට ද එංගලන්තය සහ අයර්ලන්තය සමග එක්දින තරගාවලි පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එම තරග සියල්ල කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කළහොත් ඔවුන්ට ද ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් හිමි වනවා. 

ශ‍්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක් තරගයක් පමණක් ජයග‍්‍රහණය කළහොත් කොදෙව් කණ්ඩායම ශ‍්‍රී ලංකාව අභිබවා යමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.