Friday, April 26, 2024

General line - 0115112241

"ප‍්‍රී ගැබ්" තොගයක් සමග 20 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට




මත්පෙති ආදේශයක් වශයෙන් භාවිත කරන ප‍්‍රී ගැබ් වර්ගයේ නීති විරෝධි මත්පෙති තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු පානදුර - උතුර පරත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිසියට ලද තොරතුරකට අනුවයි. සැකකරු ත‍්‍රී රෝද රථයකින් මෙම මත්පෙති තොගය ප‍්‍රවාහණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. සැකකරු පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිතයි.