Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රැවල් නෙත් සමග දඹදිව ගිය කණ්ඩායම සිද්ධස්ථාන රැසකදී ආගමික වතාවත්වලට එක් වේ (PHOTOS)




ට‍්‍රැවල් නෙත් ආයතනය සංවිධාන කළ පළමු දඹදිව වන්දනා චාරිකාව මේ වන විට ඉන්දියාවේ ආගමික ස්ථාන රැසකදී සාර්ථකව සිදු කෙරෙනවා.

පළමු කණ්ඩායම යටතේ 45 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම වන්දනා චාරිකාව සඳහා සහභාගි වී සිටිනවා. 

එම සංචාරයට හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේද එක්ව සිටිනවා.

ට‍්‍රැවල් නෙත් ආයතනයේ දඹදිව වන්දනා මංගල චාරිකාව ආරම්භ කෙරුණේ ඉකුත් 20 වැනි දායි. මෙහිදී ට්‍රැවල් නෙත් දඹදිව වන්දනා චාරිකාවේ කණ්ඩායමට සහභාගීවන පිරිස එකම නිළඇඳුමකින් සැරසී දිවයිනෙන් පිටත්ව ගියා.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ එම කණ්ඩායම බරණැස ආගමික ස්ථාන රැසක වන්දනා සඳහා එක්ව සිටින අවස්ථාවන්.

සංකස්ස වන්දනාව

 

බරණැස සම්මුඛ චෛත්‍ය වන්දනාව හා මූලගන්ධ කුටියේ පිරිත් පිංකම

 

 

සම්මුක චෛත්‍ය වන්දනාව බරණැස