Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසන් සභාවේ මතය වැඩක් නැහැලු




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ මතය බොහෝ දෙනා මේ වනවිට විමසමින් තිබෙනවා.

මැතිවරණ කොමිසන් සභාවට පාර්ලිමේන්තුව පනවන නීතියක් සම්බන්ධයෙන් හෝ පැනවූ නීතියක් සම්බන්ධයෙන් ඝෘජුවම මතයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි බවයි එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ.

නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුව සතු වීම ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ. යම් නීතියක් පනවන විට එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකග බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහොත් ඒ සම්බන්ධයෙන් විවේචනයක් කිරීමට මැතිවරණ කොමිසන් සභාවට හැකියාවක් නැහැ.  

ඡන්ද විමසීම්වලින් තේරී පත්වන මහජන නියෝජිතයින්ගේ නිල කාලය දීර්ඝ කිරීම පිළිබඳ මැතිවරණ කොමිසන් සභාවේ මතය මීට පෙර ද සියලුම දේශපලාන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන වෙත ලිඛිතව මෙන්ම වාචිකව ද  දන්වා තිබෙනවා.

මහජන ඡන්දයෙන් යම් කිසි නිශ්චිත කාලයකට තෝරා පත් කර ගන්නා නියෝජිතයින්ගේ නිළ කාලය නිසි නීතිමය බලයක් නොමැතිව ජනතා එකගතාවකින් තොරව දීර්ඝ කරනු ලැබීම යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට ඉදුරාම පටහැනි බවයි එහි මතය වන්නේ.

 

.