Friday, April 26, 2024

General line - 0115112241

එකාමෙන් කටයුතු කිරිමේ කාලය ඇවිත් කියමින් අමෙරිකානු ශ්‍රී ලංකා නාවික අභ්‍යාසයක්

වසන්ත පිවිතුරු




අමෙරිකානු හා ශ්‍රී ලාංකික  නාවික හමුදාව අතර විශේෂ පුහුණු අභ්‍යාසයක් පැවත්වීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

දෙරට නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි පුහුණු අභ්‍යාසයක් සිදුවන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

පුහුණු අභ්‍යාසය ලබන ඔක්තොම්බර් මස පැවැත්වීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇලිස් ජී වෙල්ස්  පවසා තිබෙන්නේ.

මෙමගින් දෙරට නාවික හමුදාව අතර ඇති සම්බන්ධතාවන් ශක්තිමත් කිරිම අපේක්ෂාවයි.

කලාපීය නාවික හමුදාවන් එකාමෙන් කටයුතු කිරිමේ කාලය දැන් එළඹ ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ.