Friday, April 26, 2024

General line - 0115112241

පාතාලේ 'පත්තා' ඝාතනය කෙරේ (PHOTOS)




පාතාල ක‍්‍රියාකාරිකයෙකු බව කියන 'පත්තා' හෙවත් ඉන්දික නමැත්තා පානදුර වෙරළ ප‍්‍රදේශයේ දී කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඔහුගේ සිරුර පොලිසියට හමු වී ඇත්තේ ඊයේ (02) රාත‍්‍රියේයි.

සිරුරේ ස්ථාන 25ක පමණ කැපුම් තුවාල දක්නට ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදු කිරීමට නියමිතයි. මෙම ඝාතනය පිළිබඳ පොලිස් පරීක්ෂණද ආරම්භ වී තිබෙනවා.