Friday, April 26, 2024

General line - 0115112241

සිය ඡායාරූපයේ ඕස්ට්‍රේලියානු අගමැති නොදැක්ක සමාජය දැක්ක නින්දිත ක්‍රියාව (PHOTO)




ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පෙනී සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එම ඡායාරූපයේ අග‍්‍රාමාත්‍යවරයා සිටින්නේ කුඩා මිනිබිරිය ද සමගින්.

එහෙත් ඒ අවස්ථාවේ ඔහුගේ එක් අතක බීර වීදුරුවක් තිබීම මෙම මතභේදයට හේතුවයි.

ඉකුත් සෙනසුරාදා සිඞ්නි ක‍්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ලබාගත් මෙම ඡායාරූපය අග‍්‍රාමාත්‍යවරයා විසින්ම අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

එහෙත් බොහෝ පිරිස් චෝදනා කර තිබුණේ කුඩා දරුවෙකු සමග මත්ද්‍රව්‍ය සහිත ඡායාරූපයක් පළ කිරීම වගකීම් විරහිත ක‍්‍රියාවක් බවයි. එය නින්දිත ක‍්‍රියාවක් බවට ද බොහෝ පිරිස් චෝදනා කර තිබුණා.